ඡන්ද ගන්න තව උගුලක් අටවයි..

11008-sri-lanka-hackers-released1307834181

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙරාතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට යෝජනා කරන බව ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරයෙක් ආණ්ඩුවේ මැති ඇමතිකම් නොදරන ශ‍්‍රීලනිප නිලධාරීන් කිහිප දෙනෙකු හා පැවති සාකච්චාවකදී පවසා තිබේ.

එසේ නායකත්වය ලබා දී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පපසුව උවමනා නම් නැවත නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ගත හැකි යයිද සඳහන් කර ඇති ඇමතිවරයා දිගටම මධ්‍යම කාරක සභාවේ බලය ජනාධිපතිවරයා සතුව තිබීම වැදගත් යයිද සඳහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ‍්‍රිලනිපයට දරුණු පරාජයක් අත්වනු ඇතැයි පක්‍ෂයේ එම නිලධාරීන් පිරිස විසින් කල පැහැදිලි කිරීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Related posts

Leave a Comment