ජනපති මෛත්‍රී සහ ඇමති රාජිත අද උදේ කරපු අපූරු ව්‍යායාම කිහිපය

sgggggg

අද (06) උදේ ගාලුමුවදොර පිටියේ සෞඛ්‍ය සම්පන්න ලොකු වැඩක් සිද්ධ වුණා.

ඒ තමයි ශරීර සුවතා වැඩසටහනක් පැවැත්වීම.

මේ වැඩට සම්බන්ධ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන්.

ඉතිං මෙයාලා මෙහිදී ව්‍යායාම් කිහිපයක්ම කරපු හැටි තමයි පහත වීඩියෝවේ තියෙන්නේ.

මේ ව්‍යායාම වැඩසටහන කරන්න හේතු කිහිපයක්ම තියෙනවා.

එකක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබද  විශිෂ්ඨතා සම්මානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිදුම් ලැබීම.

අනිත් කාරණේ ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් නිදහස් රටක්  විදිහටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලැබීම.

Related posts

Leave a Comment