විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පන්නල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළාට පස්සේ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කළා.

මේ අතවර සිද්ධියේ කතාව කියවෙන්නේ මේ විදිහට.

10 වසර ඉගෙනුම ලබන මේ සිද්ධියට මුහුණ දුන්නු සිසුවියට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචියක් ලැබිලා.

විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් ඇයව කාර්යාලයට ගෙන්වගෙන විභාග කරලා.

ඒ වෙලාවේ ඇයව පිටත් කරලා හැරියත්.

පස්සේ ඇයව හමුවුනු විදුහල්පතිවරයා මේ ප්‍රේමයට තමන් උදව් කරන බවත්, ඒ ගැන කාටවත් කියන්න එපා කියලත් කියලා.

ඊට පස්සේ ඇයගේ ඇගපසග අතගෑවා කියලා චෝදනාවකුත් තියෙනවා.

ඊළග දවසෙ භාරයක් වෙන්න නුවරට යන්න එන්න කියලා විදුහල්පතිවරයා සිසුවියට ආරාධනා කරලා.

දෙන්නා අගුරුවැල්ල බස් නැවතුම්පොළේදි ඊයේ (07) කතාකරමින් ඉන්නවා සිසුවියගේ ඥාතියෙක් දැකලා.

අදාළ ඥාතියා ඒ පිළිබදව විදුහල්පතිවරයාගෙන් විමසපු වෙලාවේ එක එක වෙනස් උත්තරදීලා.

පසුව සිසුවියගේ ඥාතීන් රුවන්වැල්ල පොලීසියට එන්න කියලා එයාව පොලීසියට භාරදීලා.

පොලීසිය කියන්නෙත් විදුහල්පතිවරයා පොලීසියට භාරදෙන වෙලාවෙත් බීමත්ව සිටියා කියලයි.

Related posts

Leave a Comment