සැමියා මැරූ බිරිද වසබොයි

1

මේ කතාව වාර්තා වෙන්නේ මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයෙන්.

26 හැවිරිදි පුද්ගලයෙක් එයාගේ බිරිදත් එක් ජීවත් වුනේ නොච්චිමුනෙයි ගම්මානයේ කුලී නිවසක.

අඹුසැමියන් විදිහට හිටපු මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා කියලයි පොලීසිය කියන්නේ.

ඊයෙත් මේ දෙන්නා අතර ලොකු ආරවුලක් සිද්ද වෙලා.

ඒ ආරවුල දුරදිග ගිහින් බිරිද සැමියව කපාකොටා ඝාතනය කරලා.

පස්සේ එයත් වස පානය කරලා.

ප්‍රදේශවාසීන් වාහම වසපානය කරලා අසාධ්‍ය තත්ත්වයේ හිටපු කාන්තාව රෝහල් ගත කරලා.

පොලීසිය ඇවිත් කැපුම් තුවාල සහිතව මරණයට පත්වෙලා හිටපු 26 හැවිරිදි පුද්ගලයාගේ දේහය රෝහලට ගෙනිච්චා.

කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Related posts

Leave a Comment