සැමියා මැරූ බිරිද වසබොයි

සැමියා මැරූ බිරිද වසබොයි

මේ කතාව වාර්තා වෙන්නේ මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයෙන්. 26 හැවිරිදි පුද්ගලයෙක් එයාගේ බිරිදත් එක් ජීවත් වුනේ නොච්චිමුනෙයි ගම්මානයේ කුලී නිවසක. අඹුසැමියන් විදිහට හිටපු මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා කියලයි පොලීසිය කියන්නේ. ඊයෙත් මේ දෙන්නා අතර ලොකු ආරවුලක් සිද්ද වෙලා. ඒ ආරවුල දුරදිග ගිහින් බිරිද සැමියව කපාකොටා ඝාතනය කරලා. පස්සේ එයත් වස පානය කරලා. ප්‍රදේශවාසීන් වාහම වසපානය කරලා අසාධ්‍ය තත්ත්වයේ හිටපු කාන්තාව රෝහල් ගත කරලා. පොලීසිය ඇවිත් කැපුම් තුවාල සහිතව මරණයට පත්වෙලා හිටපු 26 හැවිරිදි පුද්ගලයාගේ දේහය රෝහලට ගෙනිච්චා. කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Read More

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරුණා. එම තීන්දුව අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලූ හතරදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙනවා. විත්තිකරුවන් හත්දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. නඩුවේ තීන්දුව දැනගැනීම සඳහා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලූ පිරිසක් කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් බන්ධනාගාර  නිලධාරින් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. මෙම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද…

Read More

බණ්ඩාරගමින් පැහැරගත් බව කී ව්‍යාපාරිකයාගේ රඟපෑම හෙළිවෙයි

බණ්ඩාරගමින් පැහැරගත් බව කී ව්‍යාපාරිකයාගේ රඟපෑම හෙළිවෙයි

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අතුරුදන්වීමක් පිළිබදව පහුගිය 4 වැනිදා අපි ඔබට කිව්වා. ඔහු තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් කන්තලේ ප්‍රදේශයේ නවාතැන් අරගෙන තමයි රාජ්‍ය බැංකුවක පැවැත්වුනු රන් වෙන්දේසියකට සහභාගි වෙන්න ගිහිල්ලා තිබුණේ. ඒ වෙලාවේ ඖෂධයක් ගන්න ෆාමසියට ගියත් ඊට පස්සේ ඔහු ගැන කිසිම තොරතුරක් නැහැ කියලයි වාර්තා පළවුනේ. මේ විදිහට අතුරුදන් වුනේ මොහොමඩ් නෆ්රීන් නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්. අතුරුදන්වුනු දවසේ ඒ ගැන බොහොම කම්පාවෙන් මාධ්‍යයට අදහස් පලකළ නෆ්රීන්ගේ බිරිද තොරතුරු හොයන්න අද දවසේත් මාධ්‍යවේදීන් ගිය වෙලාවේ දොර වහගත්තා. එදා කම්පාවෙන් හිටපු ව්‍යාපාරිකයාගේ පියත් අද හැසිරුනේ බොහෝම සැහැල්ලුවෙන්. එයා උදේ…

Read More

මරපු තාජුඩීන්ගේ ඇඟේ කොටස් ලොරියක දාගෙන අරන් ගිහින්

මරපු තාජුඩීන්ගේ ඇඟේ කොටස් ලොරියක දාගෙන අරන් ගිහින්

තාජුඩීන්ගේ ශරීර කොටස් සොරකම් කර ලොරියක දමාගෙන ගිය සිද්ධියට අදාළව රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ලොරියකට එම ශරීර කොටස් පැටවූ රජයේ සේවකයන් කිහිප දෙනකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය වෙත දන්වා සිටියේය. රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුරේ කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය වළක්වමින් තමාට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා එම කරුණු අනාවරණය කෙළේය. පෙත්සම්කාර ආනන්ද සමරසේකර මහතා…

Read More

මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා. මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ. ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි. ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

Read More

දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව

දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව

අම්මා කෙනෙක් තම කුසට දරුවෙකු පිළිසිදගත් මොහොතේ සිට සෑම මොහොතක්ම කැප වන්නේ තම ආදරණීය දරුවා වෙනුවෙන්. ඒ විදිහට මිහින්තලේ පැත්තේ අම්මා කෙනෙක් දරුවෝ 15 දෙනෙක් මෙලොවට බිහිකරලා දුක් මහන්සියෙන් ඒ අයගේ ජීවිතේ ලස්සන කරලා.   ඒත් ඒ දරුවෝ උස්මහත් වුණාට පස්සේ මේ අම්මව කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ තනි කරලා දාලා. මිහින්තලේ කල්ලන්චින ප්‍රදේශයේ, ගෝනෑව ගම්මානයේ ජීවත්වන සීලවතී නම් 80 හැවිරිදි වියේ පසුවනවා. ඇය විසින් මෙලොවට බිහිකර ඇති දරුවන් සංඛ්‍යාව 15 ක් වන අතර ඉන් 11 දෙනෙකුම වෙනම ජීවත්වන බව සඳහන්. නමුත් මේ මහලු මව සිය දරුවන් කිසි කෙනෙකුගෙන් හෝ…

Read More

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල – තොළඹගොල්ල ප්‍රදේශයේ අද (02) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර වෑන් රථයේ රියදුරු සහ කුඩා දරුවෙකු ද සිටින බව සදහන්.   කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ හලාවත සිට පොළොන්නරුව බලා ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටයි. ඒ පිළිබදව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 4…

Read More

ඇතුලට ගිය කඩුගන්නාව හා මොරටු හැකර් ජෝඩුව නිදහස්

ඇතුලට ගිය කඩුගන්නාව හා මොරටු හැකර් ජෝඩුව නිදහස්

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළැයි යන සිද්ධියට සම්බන්ධ දෙදෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා. මෙලෙසින් නිදහස් කෙරුණේ සැකපිට ළමා නිවාසයේ රඳවා සිටි සිසුවා හාවෙබ් අඩවි හැක්  කිරිම ගැන ෆේස් බුක් මගින් උපදෙස් දුන් බව කියන මොරටුවේ ජනිත් මධුෂංක යන දෙදෙනායි.   ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (2)  නියෝග කර තිබුණා. එමෙන්ම පාසල් සිසුවාට රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් ද ජනත් මධුෂංකට  රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක්  හා  ලක්ෂ 10 බැගින් ශරිර ඇප…

Read More

‘හනුමා පාලම’ විමල්ගේ යෝජනාවක්ද.. මෙන්න ඇත්ත…

‘හනුමා පාලම’ විමල්ගේ යෝජනාවක්ද.. මෙන්න ඇත්ත…

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර ඉදිකිරීමට යෝජිත පාලම පසුගිය රජයේ හිටපු ඇමති විමල් වීරවංශගේ අමාත්‍යාංශය යටතේ සැකසූ යෝජනාවක් යයි එක්සත් ජාතික පක්‍ෂය විසින් කරන ලද යෝජනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන් පිල මහතා පවසයි. කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේය. එජාපයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලම දැන් විමල්ලා උදයලා විරුද්ධ උනාට ඒ අයම තමයි මේ පාලම යෝජනා කලේ කියල. අවාසනාවට එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙනි කියල දැනන් ඉදල නෑ. දැන් හනුමා පාලම ඉන්දීය ව්‍යාපෘතියක් උනත් හනුමා පාලම මුලින්ම යෝජනා…

Read More

ඕස්ටේලියාව 3-0න් පැරදුවේ ක‍්‍රීඩකයනුයි.. ක‍්‍රිඩකයින් විකිණීම නොකරනු.

ඕස්ටේලියාව 3-0න් පැරදුවේ ක‍්‍රීඩකයනුයි.. ක‍්‍රිඩකයින් විකිණීම නොකරනු.

ක්‍රිකට් ක්‍රීඩකයින් ඉදිරියට දා මුදල් ඉපයීමේ ක්‍රමවේදය නතර කිරීමට කාලය එලැඹ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා පුහුණු කඳවුරේ සමාප්ති සැසියට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික සමඟිය ඇති කිරීම සුදුසුතම ස්ථානය ක්‍රීඩාව වන බවයි. ක්‍රීඩාව යනු සියලු ජාතින් එක්වන තැනකි. ඕනෑම පුද්ගලයෙකු සමඟ එකට වැඩ කිරීමේ හැකියාව මිනිසා තුළ වර්ධනය කිරීමටද ක්‍රීඩාව බෙහෙවින් ඉවහල් වේ. තමා කණ්‍ඩායමේ නායකයාව සිටියදී මුත්තයියා මුරලිදරන් සමඟ තම කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සියලු දෙනාට ආදර්ශයක් සපයන බවද අමාත්‍ය අර්ජුන රණතුංග එහිදී පැවසීය. “ක්‍රීඩාංගණයට…

Read More

කොළඹ වරායේ මහ ගින්නක් ඇවිලේ..

කොළඹ වරායේ මහ ගින්නක් ඇවිලේ..

කොලඹ වරාය තුල හදිසි ගිනි ගැනීමක් හටගෙන තිබේ. මෙසේ ගිනිගෙන ඇත්තේ නැගෙනහිර පර්යන්තයේ ගබඩා කර තිබූ ටයර් තොගයකි. ගිනි නිවන අංශ ගින්න පාලනය කරමින් සිටී.

Read More

CSN නාලිකාවේ සුපිරි රථයක් ජාතික රූපවාහිනියට

CSN නාලිකාවේ සුපිරි රථයක් ජාතික රූපවාහිනියට

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පහුගිය දවසක ලබා දුන්න නියෝගයකට අනුව CSN නාලිකාවට අයත් බාහිර විකාශන රථය අද ජාතික රූපවාහිනියට බාර දුන්නා. මේ අවස්ථාවට ජාතික රූපවාහිනියේ බලධාරීන්, CSN නාලිකාවේ බලධාරීන් වගේම අධිකරණ නිලධාරිනුත් ඇවිත් හිටියා. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ගාව තිබුණු ගබඩාවේ සීල් කඩලා මේ විශාල බාහිර වීකාශන රථය ගාවට ගිය නිලධාරීන් ඒක පරික්ෂා කරලා රූපවාහිනි බලධාරීන්ට බාර දුන්නා. හැබැයි මේ රථය බාර ගත්තු ජාතික රූපවාහිනියේ බලධාරීන් කිවුවේ එකේ අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ රැසක් නෑ කියලයි. කොහොම වුණත් අන්තිමට මේ රථය ජාතික රූපවාහිනියට අරගෙන ආවා.

Read More

මම අලියට කිව්වා අපිට කරදර නොකර යන්න කියලා

මම අලියට කිව්වා අපිට කරදර නොකර යන්න කියලා

මියගොස්‌ සිටින මගේ බිරිඳ උදේ මිදුල අතුගාමින් සිටියා. උදේ 6.45 ට පමණ වල් අලියෙකු අපේ ගෙදර පැත්තට එනවා මම දැක්‌කා. ඒ වෙලාවේ මම අලියට කිව්වා “අපිට කරදර නොකර යන්න” කියලා. ඒ එක්‌කම අලියා මගේ පිටුපස එළවන්න වුණා. මම දුවන ගමන් බිරිඳට කිව්වා ගෙට දුවන්න ගෙට දුවන්න කියලා. එසේ කියමින් මම වෙන පැත්තකට දිව්වා යෑයි පසුගිය 11 දින උදැසන සූරියවැව මීගහජඳුරේදී වල් අලියෙකු පහරදීමෙන් මරණයට පත්වූ එක්‌දරු මවගේ මරණය පිළිබඳව පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් ඇයගේ සැමියා වන වික්‍රමආරච්චි කංකානම්ගේ කමල් නිශාන්ත (42) යන අය එසේ පැවැසීය. සූරියවැව මීගහජඳුර දෙවැනි…

Read More

බැන්කි මූන් එයි.. ආ සැණින් උතුරට..

බැන්කි මූන් එයි.. ආ සැණින් උතුරට..

මේ මස 31 වැනිදා නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆානි දුජාරික් පවසයි. මෙම සංචාරයේදී මහ ලේකම්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්‍ෂය සමඟ සාකච්චා කිරීමට නියමිත අතර උතුරු පළාතේ සංචාරයකද නිරත වීමට නියමිතය.

Read More