නාමල්ගේ අමුතු වැඩේ (Photos)

නාමල්ගේ අමුතු වැඩේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ විවිධ කාරණා හේතුවෙන්. ඔහුට සිරගත වීමට සිදු වීම, ඔහු පිළිබඳ අවධානය බොහෝ සෙයින් ඉහළ දමන්නට සමත් වුණා. ක්‍රීඩකයෙකු ද වන නාමල් රාජපක්ෂ මහතා ශරීර සුවතා ව්‍යායාම මෙන්ම යෝගී ව්‍යායාම පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව නොරහසක්. නාමල් රාජපක්ෂ මහතා අමුතුම ආකාරයේ ව්‍යායාමවල නිරතව සිටින ඡායාරූප පෙළක් පසුගිය දිනක Facebook හරහා එළියට ආවා.

Read More

ජනපති මෛත්‍රී සහ ඇමති රාජිත අද උදේ කරපු අපූරු ව්‍යායාම කිහිපය

ජනපති මෛත්‍රී සහ ඇමති රාජිත අද උදේ  කරපු අපූරු ව්‍යායාම කිහිපය

අද (06) උදේ ගාලුමුවදොර පිටියේ සෞඛ්‍ය සම්පන්න ලොකු වැඩක් සිද්ධ වුණා. ඒ තමයි ශරීර සුවතා වැඩසටහනක් පැවැත්වීම. මේ වැඩට සම්බන්ධ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන්. ඉතිං මෙයාලා මෙහිදී ව්‍යායාම් කිහිපයක්ම කරපු හැටි තමයි පහත වීඩියෝවේ තියෙන්නේ. මේ ව්‍යායාම වැඩසටහන කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබද  විශිෂ්ඨතා සම්මානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිදුම් ලැබීම. අනිත් කාරණේ ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් නිදහස් රටක්  විදිහටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලැබීම.

Read More

ප‍්‍රබල අමතිගේ උපන් දින පාටියට ලක්‍ෂ 80ක රජයේ මුදල් යොදාගනී..

ප‍්‍රබල අමතිගේ උපන් දින පාටියට ලක්‍ෂ 80ක රජයේ මුදල් යොදාගනී..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් තම උපන් දිනය සඳහා රුපියල් ලක්‍ෂ 80ක රාජ්‍ය මුදල් යොදවා ඇති බව දුෂණ විරෝදී හඬ සංවිධානය පවසයි. තම අමත්‍යංශය යටතේ ඇති සංස්ථාවකින් එම මුදල් යොදවා ඇති බවත් එම සංස්ථාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ ඇමතිවරයාගේ ඉතා සමීප හිතවතෙක් යයිද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි. මෙය රාජ්‍ය මුලද් අවභාවිතයේ බරපතල අවස්ථාවක් යයි පවසන ඔහු අදාල සංස්ථාවේ සේවකයන් ඇමතිවරයාගේ නිවසේ සේවය සඳහා යොදවා ඇති බවද සඳහන් කරයි.

Read More

ඡන්ද ගන්න තව උගුලක් අටවයි..

ඡන්ද ගන්න තව උගුලක් අටවයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙරාතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට යෝජනා කරන බව ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරයෙක් ආණ්ඩුවේ මැති ඇමතිකම් නොදරන ශ‍්‍රීලනිප නිලධාරීන් කිහිප දෙනෙකු හා පැවති සාකච්චාවකදී පවසා තිබේ. එසේ නායකත්වය ලබා දී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පපසුව උවමනා නම් නැවත නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ගත හැකි යයිද සඳහන් කර ඇති ඇමතිවරයා දිගටම මධ්‍යම කාරක සභාවේ බලය ජනාධිපතිවරයා සතුව තිබීම වැදගත් යයිද සඳහන් කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ‍්‍රිලනිපයට දරුණු පරාජයක් අත්වනු ඇතැයි පක්‍ෂයේ එම නිලධාරීන් පිරිස විසින් කල පැහැදිලි කිරීමකදී…

Read More

යුද අපරාධවලට චන්ද්‍රිකාත් වගකිව යුතුයි – ආනන්දි සසිදරන්

යුද අපරාධවලට චන්ද්‍රිකාත් වගකිව යුතුයි – ආනන්දි සසිදරන්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද යුද සමයේ සිදුවූ යුද අපරාධවලට වගකිව යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් ප්‍රකාශ කර ඇත. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදුවූ බව සසිදරන් ප්‍රකාශ කර ඇත්තේ කැලණියේ පැවැති හමුවකදීය. හිටපු ජනපතිනිය 1983 ජූලි කලබලවලින් දෙමළ ජනතාවට සිදුවූ හානි පිළිබඳ සොයා බැලුවද ඒවා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව කිසිවක්‌ සිදු නොකළ බවද පළාත් සභා මන්ත්‍රිනිය ප්‍රකාශ කර තිබේ. මෙම හමුව සඳහා ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය ඇතුළු 200 ක්‌ පමණ සහභාගිවී සිටියහ. සසිදරන් හිටපු කොටි නායක එළිලන්ගේ බිරියයි.

Read More

ශ‍්‍රීලනිප සමුළුවට සෙනග ගේන්නැයි එජාපයට දන්වයිි.. අගමැති රනිල් ප‍්‍රධාන ආරාධිතයා කරන්නැයි ඉල්ලීමක්..

ශ‍්‍රීලනිප සමුළුවට සෙනග ගේන්නැයි එජාපයට දන්වයිි.. අගමැති රනිල් ප‍්‍රධාන ආරාධිතයා කරන්නැයි ඉල්ලීමක්..

සැප්තැම්බර් 04 වැනිදා කුරුණැගලදී පැවැත්වෙන ශ්‍රිලනිප 65 වන සංවත්සරය සඳහා පිරිස් සහභාගී කරවන්නැයි එජාප මන්ත‍්‍රීවරුන්ට දන්වා ඇති බව ඔවුන් පාර්ලිමේන්තුවේදී තමන් හා කියූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද කියා සිටියේය. මේ දිනවල රටේ උණුසුම්ම මාතෘතාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සම්මේලණය. අද මාධ්‍ය ඉදිරියට එන ශ්‍රීලනීපයේ ඇමතිවරු ලංකා ඉතිහාසයේ දැවැන්තම සෙනග අපි ගෙන එනවා කිව්වත් පාර්ලිමේන්තුවේදී හමුවෙන එජාපයේ මැති ඇමතිවරුන් කියන්නේ ඊට වෙනස් කතාවක්. කුරුණෑගල දිස්ත්‍රික එජාප මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් උපදෙස් ලැබිල තිබෙනවළලු එජාප පාක්ෂිකයනුත් ශ්‍රීලනීපයේ සම්මේලනයට සම්බන්ධ කරන්න කියලා….

Read More

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදිනවා ප‍්‍රසන්න කියයි

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදිනවා ප‍්‍රසන්න කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා. මන්ත‍්‍රිවරයා මේ බව ප‍්‍රකාශ කලේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී.

Read More

ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි.

ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි.

පසුගියදා ජපානයේ සිට මෙරටට ආනයනය කරනලද සුඛෝපභෝගි ප්‍රාඩෝ ජීප් රථ112 එක් වාහනයකට රුපියල් මිලියන 1.6 ක විශේෂ රේගු ගාස්තුවක් අය කොට නිදහස් කිරීමෙන් ශ්‍රීලංකා රේගුවට රුපියල් මිලියන 1000 ක වංචා කොට ඇති බව සමස්ථ ලංකා රේගු සේවා සදගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක වෙත පැමිණිලිකොට ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය සහ වංචාව හසුකරගත් රේගු නිලධාරින්ගෙන් ද සාක්ෂි සටහන් කරගත් නමුත් නියෝගය ලබාදීමට කටයුතු කල මුදල් අමාත්‍ය රවි කරුණානායකගෙන් මේ දක්වා කිසිදු කට උත්තරය අරන් නොමැති බවත් එම පැමිණිල්ල මගින් තවදුරත් දන්වා තිබේ.

Read More

ජනපති සොයුරු වැලි රාජු ඝාතනය වූයේ අනියම් සම්බන්ධයක් නිසා

ජනපති සොයුරු වැලි රාජු ඝාතනය වූයේ අනියම් සම්බන්ධයක් නිසා

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සහෝදරයකු වූ ප‍්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු ගිය වසරේ ඝාතනයට ලක් වූයේ අනියම් සම්බන්දයක් නිසා බව ඇඟවෙන ප‍්‍රකාශයක් නියෝජ්‍ය ඇමති රන්ජින් රාමනායක මහතා දෙරණ 360 වැඩසටහනේදී සිදු කලේය. ඔබ කියන්නේ එම මරණය සිදුවූයේ අනියම් සම්බන්ධයක් නිසාදැයි මාධ්‍යවේදී සංඛ අමරජිත් ඇසූ විට රන්ජන් කියා සිටියේ තමන් එසේ නොකියන බවත් එකල එසේ මාධ්‍ය වාර්තා පල වූ බවත්ය.

Read More

360දී රන්ජන් කොරවෙයි.. සහයට ඩැනියෙක් මැදට ගෙන්වා ගනී

360දී රන්ජන් කොරවෙයි.. සහයට ඩැනියෙක් මැදට ගෙන්වා ගනී

පසුගිය පාලන සමයේදී රාජපක්‍ෂ පුතුන් විසින් භාවිතා කලේ යයි කියූ ලැම්බොගිනි, රත‍්‍රන් අශ්වයින් ආදිය සත්‍ය යයි පෙන්වන්නට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනේදී තවත් සහායකයෙකුගේ හදිසි උපකාරද ලබා ගත්තේය. සහායකයා විසින් සොයා දුන් තොරතුරුවලින්ද රාජපක්‍ෂ පුතුන්ගේ යයි කියන ලැම්බොගිනි ගැන නිශ්චිතව තහවුරු කරන්නට ඔහු සමත් වූයේ නැත. රත‍්‍රන් අශ්වයින් වෙනුවට පෝනියන්ගේ පින්තූර පෙන්වද්දී වැඩසටහන මෙහයවූ සංඛ අමරජිත් සිය සිනහව වලකාගන්නට මහත් ආයාසයක් දරණු පෙනින. 

Read More

රහස් හෙලි කිරීම මහින්ද අරඹයි.. ශ‍්‍රීලනිපය පරදන්න මෛත‍්‍රී රහසින් කී දේ ප‍්‍රසිද්ධ කරයි..

රහස් හෙලි කිරීම මහින්ද අරඹයි.. ශ‍්‍රීලනිපය පරදන්න මෛත‍්‍රී රහසින් කී දේ ප‍්‍රසිද්ධ කරයි..

පසුගිය මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ජයගැනීම වැලැක්වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කලේ යයි ඔහු විසින්ම කල ප‍්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ කොළඹදී හෙලි කර සිටියේ මෙසේය.

Read More

උසාවියෙන් එළියට ආ නාමල්ට පැත්ත මාරුවෙයි

උසාවියෙන් එළියට ආ නාමල්ට පැත්ත මාරුවෙයි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනාට අද ඇප ලැබුණා. මන්ත්‍රීවරයාට එල්ල වුනු චෝදනාව වුනේ සමාගම් දෙකක් මගින් සැකකටයුතු ලෙස වෙනත් සමාගමකින් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගත්තායි කියන චෝදනාව. සැකකරුවන්ට ඇපදෙන එක ඉදිරි පරීක්ෂණ වලට බාධාවක් වෙන්න පුළුවන් කියලා FCIDය අධිකරණයට කිව්වා. හැබැයි විත්තියේ නීතිඥයින් පෙන්වා දුන්නේ සැකකරුවන් පරීක්ෂණ වලට බාධා කළ හැකි බවට තහවුරු කෙරෙන කිසිම සාක්ෂියක් පොලීසිය ඉදිරිපත් කරලා නැහැ කියලා. කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100…

Read More

මහින්දානන්ද ඇතුළු 10ක් ඩීල් පිට මෛත‍්‍රී තුරුලට

මහින්දානන්ද ඇතුළු 10ක් ඩීල් පිට මෛත‍්‍රී තුරුලට

හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා ඇතුළු තවත් මහින්දවාදී විපක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු 8 දෙනකුට එල්ල වී ඇති කළු සල්ලි සුදු කිරීම මූල්‍ය අක‍්‍රමිකතා ආදිය හේතුවෙන් නීතියෙන් ගැලවීම උපක‍්‍රමයක් ලෙස ශ‍්‍රීලනිපයේ මෛතී‍්‍ර පාර්ශ්වය හා එක් වීම සූදානමක් ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා පසුගිය රාජපක්ෂ පාලනය පැවැති සමයේ දී අත්පත් කරගෙන තිබෙන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එම වත්කම් අත්පත් කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට ඇමැතිවරයා තවමත් අසමත්ව සිටින බව දැන ගැනීමට ඇත. එම කාලය තුළ දී මිලදී ගත් ඉඩම් නිවාස ආදිය…

Read More

නාමල්ගේ සමාගමේ තවත් අධ්‍යක්ෂවරියක් වන ඉරේෂා සිල්වාට වරෙන්තු

නාමල්ගේ සමාගමේ තවත් අධ්‍යක්ෂවරියක් වන ඉරේෂා සිල්වාට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී ඇසුරු කළ තරුණියන් සම්බන්ධයෙන් සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය ආරම්භකර ඇතැයි වාර්තා වේ. මේ අතර, රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියක් රටින් පැනගොස් ඇතැයි ද වාර්තා වේ. මෙසේ පැනගොස් ඇත්තේ බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි. ඇය එංගලන්තයට ගොස් සැගවී සිටින බවට මේවන විට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට තොරුතුරු ලැබී ඇති බවද වාර්තා වේ. ඇය ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන…

Read More