පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් වැලිකඩ හිරේට

පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් වැලිකඩ හිරේට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටිය තමන්ගේ නමින් පහරක් තියෙන එකම ක්‍රීඩකයා තමා තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවට අමතරව විවිධ දේවල්වලට සහභාගී වෙනවා. ඩිල්ෂාන් ළඟදී දවසක වැලිකඩ බන්ධනාගාරයට ගිහින් තියෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ වොලී බෝල් මැච් එකක් බලන්න. ඉතින් ඩිලී ඒ ගැන සිය ෆේස්බුක් පිටුවේ දාලා තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” කියා.

Read More

ටි.එම් ඩිල්ෂාන් ලෝක එක්දින දර්ශකයකදී එකට එයි

ටි.එම් ඩිල්ෂාන් ලෝක එක්දින දර්ශකයකදී එකට එයි

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත්  ශ්‍රී ලංකා කණ්ඩායටම් හිටපු එක්දින ආරම්භක පිතිකරු ටි.එම් ඩිල්ෂාන් තවත් සුවීශේෂි වාර්තාවකට හිමීකම් කීමට සමත්වෙලා තියෙනවා. ඒ වයස අවුරුදු 35කින් පසුව එක්දින තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතර වැඩිම ලකුණූ ලාභියා බවට පත් වෙමින්. ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර තරඟ 116 කට ක්‍රීඩා කරමීන් ලකුණු 4674 ක් ලබා ගනීමින් මේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹිමට සමත්වෙලා. ඩිල්ෂාන්ට අමතරව හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් වන සනත් ජයසුරිය,කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පිළිවෙලෙන් මේ දර්ශකයේ  2-4-8 ස්ථාන දිනා ගැනීමට සමත්වීම ද සුවිශේෂ කාරණයක්. එම සටහන පහතින්…

Read More

මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත් – ඩිල්ෂාන් කතා කරයි

මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත් – ඩිල්ෂාන් කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දිග් විජය කරන්නට තුන් ඉරියව්වෙන්ම අපමණ වෙහෙසක්‌ දැරූ තිලකරත්න ඩිල්ෂාන් ලබන ඉරිදා දඹුල්ලේදී ඔස්‌ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවිය නිමා කරන බවට නිවේදනය කර සිටියි. ඒ අනුව ඔහු ලබන මස 9 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය විස්‌සයි විස්‌ස තරග දිවියද නිමා කිරීමට සුදානමින් සිටියි. “මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත්. මේ සමුගැනීමත් ඒ වගේ ඉක්‌මන් තීරණයක්‌. මට කවුරුත් බලපෑමක්‌ සහ පීඩනයක්‌ එල්ල කළේ නැහැ. මට හිතුණා දැන් ඇති කියලා.” යනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (25 දා) පැවසීය. ශ්‍රී…

Read More

කැන්ගරුවන් පරදා සිංහයන්ට විශිෂ්ඨ ජයක්

කැන්ගරුවන් පරදා සිංහයන්ට විශිෂ්ඨ ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (24) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියළුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත්විය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් හා කුසල් ජනිත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විණ. පන්දුවෙන් දස්කම් පෑ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 49දී කඩුළු 3ක් බිඳ දැමූ අතර එම කඩුළු ත්‍රිත්වය පන්දු 3කදී දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.2ක් අවසානයේ සියළුදෙනා දැවී…

Read More

ඩිල්ෂාන් සමුගත්තොත් ධනුෂ්කට තැනක්‌ – මැතිව්ස්

ඩිල්ෂාන් සමුගත්තොත් ධනුෂ්කට තැනක්‌ – මැතිව්ස්

ඔස්‌ට්‍රේ‍ලියානුවන් පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයේ ජයග්‍රහණය දෝතට ගත්තද අද (24 දා) ආරම්භ වන දෙවැනි එක්‌දින තරගයේදී කණ්‌ඩායමේ ලොකු වෙනසක්‌ කිරීමට අපේක්‍ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. දිවා රාත්‍රී තරගයක්‌ වුවද පෙර තරගයට සාපේක්‍ෂව විශාල පහරවල් ගැසිය හැකි තණතීරුවක්‌ මෙම තරගය වෙනුවෙන් සකස්‌ කර ඇති බවද මැතිව්ස්‌ ඉඟි පළ කළේය. ලොව අංක එකේ එක්‌දින කණ්‌ඩායම සමග තරග කිරීම කොහොමටවත් ලෙහෙසි පහසු කර්තව්‍යයක්‌ නොවන නමුත් දෙපැත්තෙන්ම තද තරගයක්‌ අද දිනයේදී දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු ග්‍රැහැම් ඩ් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය….

Read More

අද පිට්ටනියට බැස්ස මාලිංග කැන්ගරුවන් දණගස්සන්න ටීම් එකට එනවද ?

අද පිට්ටනියට බැස්ස මාලිංග කැන්ගරුවන් දණගස්සන්න ටීම් එකට එනවද ?

බොහෝ කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කර පසුව කකුලේ ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග නැවත ශ්‍රී ලංකා පිලට එක්වේයැයි බලාපොරොත්තු තැබිය හැකි ඡායාරූප කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මාලිංග පුහුණු සැසියක් අතරතුර පන්දු යවන ආකාරය වන අතර තාමත් ඔහු ඔස්ට්‍රේලියාව සමඟින් එක්දින තරඟාවලියට සහභාගී වනවාදැයි ප්‍රකාශකර නැහැ. මේ පිළිබඳව හිරු ගොසිප් අප ලසිත් මාලිංගගෙන් විමසා සිටි අතර ඔහු එහිදී ප්‍රකාශ කළේ තමන් අද සහභාගී වූයේ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු වූ ඩේවිඩ් යං යටතේ ඔහුගේ පාදයේ ආබාධ තත්වය පරීක්ෂා…

Read More

පාකිස්තානය කි‍්‍රකට් වාර්තා අලුත් කරයි

පාකිස්තානය කි‍්‍රකට් වාර්තා අලුත් කරයි

කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමුවන ස්ථානය හිමිකර ගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ නවතම ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රසාද ලකුණු 111ක් හිමිකර ගනිමින්. එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට දෙකක් ලෙස අවසන් කිරීමටද මිස්බා උල් හක් ප‍්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම ඉකුත්දා සමත් වුණා. ඒ අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මීට පෙර පළමුවන ස්ථානයේ පසු වූ ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත්ව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි. එංගලන්ත කණ්ඩායම සිවුවන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 5 වන ස්ථානයේත් පසුවනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට්…

Read More

පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි..

පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි..

සංචාරක ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසනයේ කඩුළු  දැවී ලබා ගත් ලකුණු 227 ලබා ගන්නට ඔස්ටේ‍්‍රලියාවට කඩුළු 07ක් දැවී වැය වූයේ පන්දු වාර 46.5ක් පමණි. ලකුණු පුවරුව මෙතනින්

Read More

ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තරයට ගිය සිංහල වචනය (VIDEO)

ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තරයට ගිය සිංහල වචනය (VIDEO)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ විස්තර විචාරක රසල් ආර්නල්ඩ් විසින් ඉංග්‍රීසි විස්තර විචාරය අතරතුර සිංහල වචනයක් ප්‍රකාශ කරමින්. එහිදී ඔහු පැවසුවේ “It’s not a පොල් අඩි day” යනුවෙන්. මීට පෙරද ඔහු මෙලෙසම ඉංග්‍රීසි විස්තර විචාරය අතරතුර සිංහල වචනයක් ප්‍රකාශ කළා. එම අවස්ථාව පහතින් දැක්වේ.

Read More

‘ශ්‍රීලනිප’ ය අමුතු මැච් එකක් ගහලා – මහින්දානන්ද

‘ශ්‍රීලනිප’ ය අමුතු මැච් එකක් ගහලා – මහින්දානන්ද

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා ගත් තිරණය සම්බන්ධයෙන් මේ වනවිට දේශාපලන ක්‍ෂේත‍්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ජාතික ආණ්ඩුවේ වර්ෂ පූර්ණ සැමරුම් උත්සවයට ඉකුත්දා මාතරදී එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව දේශපාලන පක්‍ෂයක් බිහිකළහොත් රහස් රැසක් හෙළි කිරීමටද සූදානම් බවයි. මෙම කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී හෙතෙම පැවසුවේ විපක්ෂට පැමිණියේ මෙම සියලු අභියෝගයන් දැනගෙන බවයි. සංවිධායකවරුන් ඉවත් කිරීම තුළිත් පවතින ගැටලුවට විසඳුමක් නැති බවත් ඉවත් කළ අය අතර තමන්ද සිටී යැයි සිතා සිටි බවත්…

Read More

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින සටන අද

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින සටන අද

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි. පැවති ටෙස්ට් තරගාවලියේදී 3 ට බින්දුවක් ලෙස ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කිරීම නිසා සිය කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ඉහළ මානසිකත්වයකින් බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ. එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරග වදින්නේ එම සටහනේ අංක එක ස්ථානයේ පසුවන ඔස්ටේ‍්‍රලියනු කණ්ඩායම සමගයි. අද තරගය පැවැත්වෙන කොළඹ…

Read More

දහසක් දුක් කම්කටොළු මධ්‍යයේ ඉන්දියාවට පදක්කම් ගෙන දුන් සක්ෂි මලික්

දහසක් දුක් කම්කටොළු මධ්‍යයේ ඉන්දියාවට පදක්කම් ගෙන දුන් සක්ෂි මලික්

මෙවර ඔලිම්පික් තරගවලියේ ඉන්දියාවට ලැබුණ එකම පදක්කම් ගණන දෙකයි. ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් තමයි ඉන්දියාවට මේ වෙන කොට ලැබිලා තියෙන පදක්කම්. ලෝකඩ පදක්කම හිමිවුනේ කිලෝ 58 බර පන්තිය යටතේ පැවැත් වුනු කාන්තා රෙස්ලිං තරගයෙන්. මේ පදක්කම ඉන්දියාවට දිනා දුන්නේ  23 හැවිරිදි සක්ෂි මලික්. සක්ෂි මලික්පි කියන්නේ ජීවිතෙත් එක්ක අවුරුදු 23 ක් පුරා පොර බදා ජයගත් කෙනෙක්. ඇගේ පියා බස් කොන්දොස්තරවරයෙක්. හර්යානා හි අන්ත දුගී පවුලක ඉපිද,  නොයෙක් දුක් කම්කටොළු මධ්‍යයේ  ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම දක්වා ඇය ආ ගමන ගැන මේ  වෙද්දී ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා. මේ වනවිට ඇය උපන්…

Read More

ලිංගේන්ද්‍රිය දිගු වීම නිසා ඔලිම්පික් පදක්කමක් අහිමිවූ හැටි | VIDEO

ලිංගේන්ද්‍රිය දිගු වීම නිසා ඔලිම්පික් පදක්කමක් අහිමිවූ හැටි | VIDEO

තමන්ගේ ලිංගේන්ද්‍රිය නිසා ඔලිම්පික් බලාපොරොත්තුව සුන්වූ ක්‍රීඩකයෙක් පිළිබඳව කතාබහක් රියෝ ඔලිම්පික් ගම්මානයෙන් ඇසෙනවා. මේ ක්‍රීඩකයා ජපන් ජාතික Hiroki Ogita ලෙසයි වාර්තා වන්නේ. රිටි පැනීමේ තෝරාගැනීමේ තරගයක දී ඔහු මෙම සිදුවීමට මුහුණදෙනු ලැබුවා. මීටර් 5.3ක උසක් පැනීමේදී අවසන් මොහොතේ ඔහුගේ ලිංගේන්ද්‍රය බාර් එකේ වැදීමෙන් ඔහුගේ ඔලිම්පික් බලාපොරොත්තු මෙලෙස සුන් වුණා. එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

Read More

ලැබූ පරාජය නිසා ICC එක ඕස්ට්‍රේලියාව ලොකු තැනකින් ඉවත් කරලා

ලැබූ පරාජය නිසා ICC එක ඕස්ට්‍රේලියාව ලොකු තැනකින් ඉවත් කරලා

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකි වුණා. අද තරගයේ වීරයා වගේම තරගාවලියේ වීරයා වුණේ කඩුලු 28ක් ලබා ගත් රංගන හේරත්. ICC Test Rankings එකේ බොහෝ කාලයක් ලොව අංක එක දිනා ගෙන සිටි ඕස්ට්‍රේලියානුවන් අද ලැබූ පරාජයත් සමඟ 3න් වෙනි තැන දක්වා පසු බැස තිබෙනවා. මේ අනුව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස ඉන්දියාව දැන් වැජඹෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පොයින්ට් 10ක් හිමි කර ගනිමින් 6 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබෙනවා. 🙂 

Read More