Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරුණා. එම තීන්දුව අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලූ හතරදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙනවා. විත්තිකරුවන් හත්දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. නඩුවේ තීන්දුව දැනගැනීම සඳහා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලූ පිරිසක් කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් බන්ධනාගාර  නිලධාරින් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. මෙම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද…

Read More

ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දිනයේ වෙළෙඳසැල් 137කට නඩු

ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දිනයේ වෙළෙඳසැල් 137කට නඩු

ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දිනය තුළ වෙළෙඳසැල් 137කට එරෙහිව නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර ඊට සමගාමීව දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකර තිබේ. එහිදී ස්ථාන 3212ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර වැටලීම් 131ක් සිදුකර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. වර්ණ කේත අංකන ක්‍රමය සඳහන් නොවූ පාන වර්ග 1722ක් සොයාගෙන ඇති අතර ආහාර විනාශ කිරිම් 1881ක් ඊයේ දිනයේ තුළ සිදුකර තිබේ. දුරගමන් සේවා බස් රථ නවත්වන වෙළෙඳසැල්…

Read More

මාධ්‍යවේදියාට වෙඩි තබයි.. ජීවිතය නූලෙන් බෙරේ..

මාධ්‍යවේදියාට වෙඩි තබයි.. ජීවිතය නූලෙන් බෙරේ..

මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා ඊයේ දහවල් තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි අයකු වෙඩි තබා පලා ගොස්‌ ඇත. මනන් යතුරු පැදියෙන් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ පසුලස සිටි අයෙකු වීදුරුව පහත් කර පිස්‌තෝලයකින් වෙඩි තැබී බව මාධ්‍යවේදියා පොලිසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි. තැබූ වෙඩි පහර වැදී නැති මාද්‍යවේදී සිරිවර්ධන වේගයෙන් යතුරුපැදිය පදවා පොලීසියට ගොස් දිවි ගලවාගෙන තිබේ.

Read More

මං මහින්දට එදා කඬේ ගියාට අද මෛත‍්‍රීට කඬේ යනවා.

මං මහින්දට එදා කඬේ ගියාට අද මෛත‍්‍රීට කඬේ යනවා.

තමන් එදා මහින්දට කඬේ ගියද අද මෛත‍්‍රීට කඬේ යන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය. ‘ශ‍්‍රිලනිපයට අයාලේ යන්න දෙන්න බෑ. හැමෝම පක්‍ෂ නායකත්වයට අවනත වෙන්න ඕනෑ. මමත් එදා මහින්දට කඬේ ගියා. ඒ වගේම අද මෛත‍්‍රීපාල මැතිතුමාට කඬේ යනවා. ඉතිහාසය තුලත් පක්ෂය බෙදුනු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. හැම පක්ෂයකම ප‍්‍රශ්න බෙදීම් තිබෙනවා. ගැටලූ විස`දගෙන යන්න අප උත්සාහ දරනවා’ යයිද ඇමතිවරයා කීය.

Read More

ගුරුවරියන් දෙදෙනෙක් දරුවන් දෙදෙනෙකුගේ ශිෂ්‍යත්ව මඟ අහුරයි (වීඩියෝ)

ගුරුවරියන් දෙදෙනෙක් දරුවන් දෙදෙනෙකුගේ ශිෂ්‍යත්ව මඟ අහුරයි (වීඩියෝ)

පහේ ශිෂ්‍යත්ව විභාගය පැවති ඊයේ දිනයේ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටියදි ඒ සඳහා අවස්ථාව නොමැති වු දරුවන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් වැල්ලවාය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සිද්ධියට මුහුණ දි ඇත්තේ රන්දෙණිය 6 කණුව කිරියගොල්ල ප‍්‍රදේශයේ දරුවන් දෙදෙනෙක්. රන්දෙණිය රණ්දෙණිවෙල පාසලේ ඉගෙනුම ලැබු ඊ.ඞී. හර්ෂණ ලක්මාල් හා ඞී.එම් මාලිංග ප‍්‍රභාෂ්වර නැමති දරුවන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා. දරුවන්ගේ මව්පියන් පවසන්නේ අකුරු ලිවීමට අපහසු බැවින් විභාගයට නොයවන ලෙස පන්තිභාර ගුරුවරිය විසින් තමන්ට පැවසු බවයි. ඪධෂක්‍ෑ මේ හේතුවෙන් දරුවන් දෙදෙනා විභාගයට ඉදිරිපත් කිරීමට මව්පියන් කටයුතු කළ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ…

Read More

බස් ත්‍රීරෝද රථ අනතුරින් 3ක් මරුට – video

බස් ත්‍රීරෝද රථ අනතුරින් 3ක් මරුට – video

තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගුවන් යානය පැය 15ක් ප්‍රමාදයි, නියමුවගේ වැඩ තහනම්

ගුවන් යානය පැය 15ක් ප්‍රමාදයි, නියමුවගේ වැඩ තහනම්

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය ප්‍රමාද වීමේ සිද්ධියට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය කාර්යය මණ්ඩල සේවකයෙකුගේ ප්‍රමාදයක් හේතුවෙන් ඊයේ(20) දිනයේ පැය 15 ක පමණ කාලයක් අදාළ ගුවන් යානය ප්‍රමාද වුණි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවයි. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන…

Read More

මුස්ලිම්වරුන්ට කිරි පෙව්ව බෞද්ධ මව්වරු ගැන මවුලවිතුමා කියූ කතාව

මුස්ලිම්වරුන්ට කිරි පෙව්ව බෞද්ධ මව්වරු ගැන මවුලවිතුමා කියූ කතාව

මුස්ලිම්වරුන්ට කිරි පොවා පෝෂණය කලේ බෞද්ධ මව් වරු යැයි අල්හාජ් කලීල් මවුලවිතුමා පවසනවා. අරණායක නාය ගිය සාමසර කන්දේ මියගිය 127 දෙනා වෙනුවෙන් වියන්එළිය විහාරස්ථානයේ අද (20) පැවති පිංකමට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා. සිංහල කම ගැන සහ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන ද එහිදි මවුලවිතුමා සිහිපත් කළා. මවුලවිතුමා එම පිංකම අවසානයේ කළ ප්‍රකාශය පහතින් බලන්න.

Read More

හක්කපටස් එකක් කෑ අවරුදු 10ක දරුවෙකු මරුට (වීඩියෝ)

හක්කපටස් එකක් කෑ අවරුදු 10ක දරුවෙකු මරුට (වීඩියෝ)

වන සතුන් ඝාතනයට රැගෙනවිත් තිබු හක්ක පටස් එකක් කෑමෙන් හම්බෙගමුව ප්‍රදේශයේ අවුරුදු 10ක දරුවෙකු මරණයට පත්වී තිබෙනවා. මේ දරුවා තම ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදි වත්තේ තිබී හමුවුණු හක්ක පටස් එකක් සපා කා ඇති අතර එය දරුවාගේ කට තුළ පුපුරාගොස් තිබෙනවා. පසුව මෙම දරුවාව වහාම හම්බෙගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් දරුවා මරණයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්වූ මේ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිටි දරුවෙකි.

Read More

සාලාව අවි ගබඩාව පිපිරුමෙන් අදත් මරණයක්

සාලාව අවි ගබඩාව පිපිරුමෙන් අදත් මරණයක්

පසුගියදා කොස්ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීම නිසා හානි වූ වෙළෙඳසැලක බිත්තියකට යටවී එම වෙළඳ සැල් හිමිකරු අද දිනයේ මියගොස් ඇත. ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කරමින් සිටි ඔහු මතට බිත්තියක් කඩා වැටී මෙම මරණය සිදුව ඇත.

Read More

පුංචි ඡන්දය ජනවාරියේ

පුංචි ඡන්දය ජනවාරියේ

2017 ජනවාරියේදී මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත. පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී පැවති ශ‍්‍රීලනිප පළාත් සභා මැති ඇමතිවරුන්ගේ හමුවේදී මේ බව පවසා ඇති ජනාෙදිපතිවරයා එම මැතිවරණයට මුහුණදීමට සියළු දෙනා සූදානම් වන්නැයිද ඉල්ලා තිබේ.

Read More

වල් ඌරෙක් වළදැම්මා කියා තරුණියක් වළදාලා

වල් ඌරෙක් වළදැම්මා කියා තරුණියක් වළදාලා

ඇහැළියගොඩ, පලියගොඩ පැත්තේ කුලී නිවසක 24 හැවිරිදි කාන්තාවක් තරුණයෙක් එක්ක ජිවත් වෙලා. දෙන්නම ඒ පැත්තේ ඇඟලුම් කම්හලක සේවය කරන අය. පහුගිය දවසක දෙන්නා අතර ඇතිවුණු රණ්ඩුවක් දුරදිග ගිහින් මේ තරුණයා කාන්තාව ගෙළ මිරිකා ඝාතනය කරලා. පස්සේ එයාගේ මළ සිරුර කිලෝමීටරයක් පමණ දුර තියෙන තරුණයාගේ මාමාට අයිති වත්තක වළඳලා. පසුව මේ තරුණයා මාමාට කෝල් කරලා කියලා තිබුණේ මැරුණ වල් ඌරෙක් වත්තේ වළදැම්මා කියලයි. නරක් වෙද්දී ගද එන්න පුළුවන් නිසා තව ටිකක් පස් දාලා වළ වහලා දාන්න කියලයි එයා මාමාට කියලා තියෙන්නේ. මේ ගැන සැකකළ මාමා ඒ කියපු තැන පරික්ෂා කරද්දී තමා…

Read More

නාමල් 22 දක්වා වැලිකඩ රිමාන්ඞ්..

නාමල් 22 දක්වා වැලිකඩ රිමාන්ඞ්..

කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාපජෂක්‍ මහතා ලබන 22 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද දිනයේ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුනේ මුදල් විශුද්ධිකරණ චෝදනාව මතයි.

Read More

අධිවේගයේ වන අමුතු ජාවාරමක් හෙළි වේ (වීඩියෝ)

අධිවේගයේ වන අමුතු ජාවාරමක් හෙළි වේ (වීඩියෝ)

දක්ෂිණ අධිවේගි මාර්ගට ඔස්සේ මාතර සිට ගාල්ලට ගවයින් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමක්ද ගාල්ල පොලිසිය විසින් අද අනාවරණය කර ගත්තා. ගාල්ල දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව අද අලූවම තලාපිටිය ප‍්‍රදේශයේදි මෙම වෑන් රථය අත්අඩංගුවට ගනු ලැබුවේ. සුඛෝපභෝගි වෑන් රිය තුළ ඒ වනවිට ගවයින් 6 දෙනෙකු සිටියා. අත්අඩංගුවට ගැනීමේදි වෑන් රියේ රියදුරු පලාගිය නමුත් සහයකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා. ඔහු ප‍්‍රශ්ණ කිරීම් වලදි සදහන් කලේ හක්මණ ප‍්‍රදේශයේ කුඹුරුවල ගැටගසා සිටින ගවයින් සොරකම් කොට මෙලෙස ගාල්ලට රැගෙන එන බවයි. අදාල වෑන් රිය කොළඹින් කුලී පදනම මත ලබාගත් එකක් බවද ඔහු සදහන් කර තිබෙනවා.

Read More